SORT LYRICS BY NAME:

Piyumehi Pani Bothi - Unknown

පියුමෙහි පැණි බොති - Unknown

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

කුසගිනි හැදුනට ඉඳල් නොකව්
කණකොළ නොබුදිති සිංහ පැටව් //
හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
තල තෙල් නොදමයි රන් බඳුණේ //

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා //
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියි ගිරවියගෙ කරේ

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු //
Song title: Piyumehi Pani Bothi The author: Karunarathna Abeysekara The singer: Unknown Submitted by: Site Administrator