SORT LYRICS BY NAME:

Mala Hiru Basina Sandaa Yaamee - Amaradewa W.D

මළ හිරු බසිනා සැන්දෑ යාමේ - අමරදේව W.D.

මළ හිරු බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන් වී මම යන්නම්

නිදි නැති යහනේ රෑ යාමේ
කාංසියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැලි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුලක්‌ රඳවා
සුසුමක්‌ වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන් වී මම යන්නම්

Song title: Mala Hiru Basina Sandaa Yaamee The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator