SORT LYRICS BY NAME:

Ameesha - Kithsiri Jayasekara

අමීෂා - කිත්සිරි ජයසේකර

සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා

රුක් අල්කාරී කන්දෙන් පාර අසා
සූවස් සයුරේ රළ රැලිති මකා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා

රුබියා කතරේ පා සළකුණු නොතියා
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා

අමීෂා...
Song title: Ameesha The author: Chaminda Rathnasuriya The singer: Kithsiri Jayasekara Submitted by: Site Administrator