SORT LYRICS BY NAME:

Heena Aran - Kithsiri Jayasekara

හීන අරන් - කිත්සිරි ජයසේකර

හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු

මට මගේ කියා කියාගන්න
කිසිවක් නැති දාක
සඳක් වෙලා ඈ පිපුණා
තරුවක් නැති රෑක //
කියාගන්නෙ කොහොම
හිත ගොළු වී තාම

යාය පුරා හිත වපුරා
මල්වර නෙතු ගාව
නොකී කඳුළු අමතක කල
සුවඳකි වත පෑව //
නොලීව කවි ලීව
මට නැති වුනි මාව

හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු

Song title: Heena Aran The author: Unknown The singer: Kithsiri Jayasekara Submitted by: Site Administrator