SORT LYRICS BY NAME:

Ketima Keti Kathawak - Kithsiri Jayasekara

කෙටිම කෙටි කතාවක් - කිත්සිරි ජයසේකර

කෙටිම කෙටි කතාවක්
මං ඔබ ගැනම ලියන්නම්
මා අතැර ගියේ ඔබ බව
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්

සඳ නිවෙන තරු මඩල යට
ගොස නගන මූදු රළ දෙස
වරු ගණන් බලා උන් වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්

ගත හිවුඩු පිපෙන සීතේ
දුම්රියේ එකට එක ළඟ
දුර ගමන් ගෙවා ගිය වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්

කෙටිම කෙටි කතාවක්..
Song title: Ketima Keti Kathawak The author: Chaminda Rathnasuriya The singer: Kithsiri Jayasekara Submitted by: Site Administrator