SORT LYRICS BY NAME:

Peradaa Maha Raa - Nanda Malani

පෙරදා මහ රෑ - නන්දා මාලනී

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුළක කැළලක් ඉතිරි වෙලා

උරහිස තැවරී වියැළුණු කඳුළෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

පෙරදා මහ රෑ…

ඔබහට පෙම් කළ යුගය නිමා කර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ…
Song title: Peradaa Maha Raa The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator