SORT LYRICS BY NAME:

Math Mal Seena - Kasun Kalhara

මත් මල් සේනා - කසුන් කල්හාර

මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

ඕ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...
Song title: Math Mal Seena The author: Unknown The singer: Kasun Kalhara Submitted by: Site Administrator