SORT LYRICS BY NAME:

Susuman Salai - Centrigradz

සුසුමන් සලයි - සෙන්ටිග්‍රේට්ස්

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි
උණු කඳුලු වැටී උණුහුම සිසිලයි
තත්පරයක් හෝරාවක් කප් සුවහස් කල්
ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව

අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ
තරු කඩා වැටෙයි සඳ අමාවකයි
ඉකි බිඳ ඉකි බිඳ සිතුවිලි සිරකර
හිත හඬා වැටෙයි ගත මිලාන වෙයි

රළ බිඳෙන තරම් සැඩ සුළන් සරින්
මතකය පමණයි සෙනෙහස සසලයි
මිහිකත නැවතී ලොවම එපාවී
මට ඔබ පමණයි ඔබෙ රුව පමණය


සුසුමන් සලයි ..........................

Song title: Susuman Salai The author: Unknown The singer: Centrigradz Submitted by: Site Administrator