SORT LYRICS BY NAME:

Onna Babo Athinniya - Amitha Wadisinghe

ඔන්න බබෝ ඇතින්නියා - අමිතා වැදිසිංහ

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
පුතු ගැන සිහි කරන්නියා
නෙත කඳුලැලි සලන්නියා..//

නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ..

කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා
කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා
රන් තැටියේ පුරවාලා
රන් තැටියේ පුරවාලා
කිරි අරගෙන එයි අම්මා..

ඔන්න බබෝ ඇතින්නියා..

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා..///
Song title: Onna Babo Athinniya The author: Unknown The singer: Amitha Wadisinghe Submitted by: Site Administrator