SORT LYRICS BY NAME:

Kula Gedarata - Amaradewa W.D

කුල ගෙදරට - අමරදේව W.D.

කුල ගෙදරට පිය ඔසවන දියණිය
කිමද නෙතඟ කඳුලැලි පුරවාගෙන
නාඬන් දියණියණේ //

නුඹේ මවත් කැන්දන් ආ දිනයේ
කඳුළු සැළූ බැව් මතක තියේ මට
නුඹ ඉපදුනු දා ඒ උණු කඳුලැලි
පෙරලෙනු දුටුවෙමු සතුටු සිනාවට

ලෝකය වෙනුවෙන් හැදුවා පමණකි
අපහට කිසිදා උරුම නොවේ ඔබ
කඳුළක්‌ සුසුමක්‌ සිනා රොදක්‌ මැද
යළි යළි ඉපදී ජීවත් වනු මැන
Song title: Kula Gedarata The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator