SORT LYRICS BY NAME:

Karunarathna Diwlgane - කරුණාරත්න දිවුල්ගනේ

Showing all 27 lyrics belongs to the artist.
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක්‌ නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී බැහැරී වෙලී උන්මාද වූයේ මා වෙනකෙකු දිහා බැලුමට යලිත් මට නෙත් නැතැයි කෙඳිරුවේ...
අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා // සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා පාරෙ වැඩට...
අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී...// වළාකුලේ දා බිදු තවරා මහපොළවට මහ වැසි ගෙනෙනා...// දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද පිතු සෙනෙහේ...
ඇසට අසුවන මායිමේ බමර සැණකෙළි මල් වනේ ලසෝ ලැවිගිනි ඇවිලුනා සිත ඔබ මගෙන් වෙන්වූ දිනේ සියපතක් මත විසුල පිණිකැට සැඬ සුළං වැද සරසරින් වෙද මගෙන් රිදවුම් දෙවුණු මොහොතක නුඹේ වත මට නැඟේ සිහියට සතර...
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ… තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුළක් නෑ සිනහ වෙන්නට වරම් නොලදත් සිතේ කිලුටක් නෑ… අතීතය සිහිනයක්...
බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි පිබිදීම වගෙම පරවීම අයිති මලටයි හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී හංඟන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී නුඹ දන්න තරම් මගෙ හිත වෙනදන්න...
චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින් නුඹ පෙම් බැඳන් මට ළං උනා පෙම් බැඳන් ආ කින්නරාවී මගෙ ළඟින් හිඳ වෙන් උනා… චන්ද්‍ර කින්නර ජාතකේ… ගෙට එන්න පෙර කී කතා උඩුගම් බලි ගියෙ දෝ මෙදා විස හී සරේ...
දුර කතර ගෙවාගෙන මම නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුර හඳ අහසේ දුම් වලාකුළෙන් තරුකැට හැංගිලා නෙත් කොණින් බලා මට ඉඟි බිඟි කළා මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා උඹෙ කතාකරන දෑස මතක්...
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ...
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුව‍‍‍‍ඳේ අද ලොව් තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා… රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ...