SORT LYRICS BY NAME:

Dura Kathara Gewagena - Karunarathna Diwlgane

දුර කතර ගෙවාගෙන - කරුණාරත්න දිවුල්ගනේ

දුර කතර ගෙවාගෙන
මම නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුර හඳ අහසේ

දුම් වලාකුළෙන් තරුකැට හැංගිලා
නෙත් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා
උඹෙ කතාකරන දෑස මතක් වෙලා
මහා මැදුරු උඩින් පුර හඳ පායලා
නුඹෙ මුහුණ පෙනුණේ මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහල් වෙලා
මට ගම නෑවිත් ඉන්නට බැරිවුණා
Song title: Dura Kathara Gewagena The author: Unknown The singer: Karunarathna Diwlgane Submitted by: Site Administrator