SORT LYRICS BY NAME:

Gamata Kalin Hiru - Karunarathna Diwlgane

ගමට කලින් හිරු - කරුණාරත්න දිවුල්ගනේ

ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා
ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා
ඒ මල් සුව‍‍‍‍ඳේ අද ලොව් තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා…

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙහෙහසින් මිදින්නේ…

වෙල් දෙණිවල ඇවිදින් දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිදන කවියක් වේව…
Song title: Gamata Kalin Hiru The author: Unknown The singer: Karunarathna Diwlgane Submitted by: Site Administrator