SORT LYRICS BY NAME:

Gahakola Mal Kanduwati - Victor Rathnayake

ගහකොළ මල් කඳුවැටි - වික්ටර් රත්නායක

ගහකොළ මල් කඳුවැටි
නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
දෑස්වලින් කතා කරමු – දෑස්වලින් රහසේ

රන් දුනුකේ මල් මුවරද
දෙතොල් විතේ රැුඳී දිළේ
රැයේ අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ – රහසේ
දෑස්වලින් කතා කරමු – දෑස්වලින් රහසේ

සීගිරියේ පෙම් සිරිසර
නිසල ලෙසින් ගල් අරඹේ
ඔබේ සෙවණේ මා ගී හඬ ගොළුයි
මුවට වදන් මතක නෑ – රහසේ
දෑස්වලින් කතා කරමු – දෑස්වලින් රහසේ
Song title: Gahakola Mal Kanduwati The author: Unknown The singer: Victor Rathnayake Submitted by: Site Administrator