SORT LYRICS BY NAME:

Thani Wennata Mage Lowe - Victor Rathnayake

තනි වෙන්නට මගේ ලොවේ - වික්ටර් රත්නායක

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ
Song title: Thani Wennata Mage Lowe The author: Unknown The singer: Victor Rathnayake Submitted by: Site Administrator