SORT LYRICS BY NAME:

Duu Hindinne Pooruwe - Uresha Ravihari

දූ හිඳින්නේ පෝරුවේ - උරේෂා රවිහාරි

දූ හිඳින්නේ පෝරුවේ පියාණනේ ඔබේ
සුභ දිනේ පියා නැතේ...
ඔබ කොහේ ගියා කියා දන්නේ නෑ
දූ ඔබේ හඬයි තැවෙයි මෙසේ...
ජීවිතේම මං පරාද වූ ලෙසින් සිතේ
මට පිය සෙනේ නැතේ...
දූ කියාලා සනසවන්න රත්තරන් වදන්
නැතේ මගේ ලොවේ...
රත්තරන් පියාණනේ...

පෝරුවේහී ඇසෙනවා සිනෝ ගී
වේදනාව ගයනවා වියෝ ගී
තාත්තාගේ සුවඳ අද කොහේදෝ
පව් කලාද මේ තරම් ඔබේ දූ

දූ හිඳින්නේ......

මෑණියන්ට වඳින සුභ වෙලාවේ
තාත්තාට හදවතින් වඳින්නේ
අවාසනාවන්ත දූ හඬන්නේ
කව්ද දූට අවසරයි කියන්නේ

දූ හිඳින්නේ......
Song title: Duu Hindinne Pooruwe The author: Unknown The singer: Uresha Ravihari Submitted by: Site Administrator