SORT LYRICS BY NAME:

Gangata Kapana Ini - Sunil Edirisinghe

ගඟට කපන ඉනි - සුනිල් එදිරිසිංහ

ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
සැපට වැඩුණු කය පොලවට දිරා යතී
අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම
දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයා ගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

කන බොන කෑම තනියම වළඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
Song title: Gangata Kapana Ini The author: Unknown The singer: Sunil Edirisinghe Submitted by: Site Administrator