SORT LYRICS BY NAME:

Maha Warusaawata Pasuwa Nagena Sanda - Somathilaka Jayamaha

මහ වරුසාවට පසුව නැගෙන සඳ - සෝමතිලක ජයමහ

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි…

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ…
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ…

මහ වරුසාවට…

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි…
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි…

මහ වරුසාවට…
Song title: Maha Warusaawata Pasuwa Nagena Sanda The author: Unknown The singer: Somathilaka Jayamaha Submitted by: Site Administrator