SORT LYRICS BY NAME:

Dasa Bimbara Maara Senaga - Somathilaka Jayamaha

දස බිම්බර මාර සෙනග - සෝමතිලක ජයමහ

දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා //

සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන් //
ගමන් වැඩිය අන්ගීරස
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන් //
මුළු දියතෙහි සිසිල මවා
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ //
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
Song title: Dasa Bimbara Maara Senaga The author: Unknown The singer: Somathilaka Jayamaha Submitted by: Site Administrator