SORT LYRICS BY NAME:

Hamadaamath Yaaluwe - Somathilaka Jayamaha

හැමදාමත් යාළුවේ - සෝමතිලක ජයමහ

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නැ යාළුවේ…

පිපි කු‍සුමෙහි රන් මුවරද
නිති පිනවින් සේමා
නිතිගෙ කිරණ වැද රඟදුන්
පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ…

හැමදාමත් යාළුවේ…

සව්සිරි සැම මා අතහැර
අද වෙනතක රැදිලා
මින් මතු තනිකම තනියට
මගෙ පැලතුල රැදිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැන ද මිතු‍රනි…

හැමදාමත් යාළුවේ…
Song title: Hamadaamath Yaaluwe The author: Unknown The singer: Somathilaka Jayamaha Submitted by: Site Administrator