Podi Duwage Sina Walai - Somathilaka Jayamaha
පොඩි දුවගේ සිනා වැලයි - සෝමතිලක ජයමහ
පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
කටු මැටි ගැ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරු වගේ…
පොඩි දුවගේ…
ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ…
පොඩි දුවගේ…
Song title: Podi Duwage Sina Walai
The author: Unknown
The singer: Somathilaka Jayamaha
Submitted by: Site Administrator