SORT LYRICS BY NAME:

Buduhamuduruwo Wadiyawage - Sanath Nandasiri

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි - සනත් නන්දසිරි

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ

අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගෙ මළකද අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළග උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැතිදා ළග උන් බුදු අම්මේ උඹ දුක් ගිනි ගන්න එපා

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ

නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසිදිනෙක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග වැද සමුගනිමි මෙමා
කෙළිලොල් කම් කෙළි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ
මතු උපදිනදා මාගෙම පුතුවෙයන් හොද මිනිසෙකු ලෙසිනේ

Song title: Buduhamuduruwo Wadiyawage The author: Unknown The singer: Sanath Nandasiri Submitted by: kalum pramachandra