SORT LYRICS BY NAME:

Sitha Oba Gana Asana - Samith Sirimanna

සිත ඔබ ගැන අසනා - සමිත් සිරිමාන්න

සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා
මතකෙට තුරුළු වෙලා..
ඔබ සමඟින් ගත කල දින සිහිකරලා
තනියෙන් විදවමි මා..
මේ හිත මාගේ - සනසනු බෑනේ..
යලි පෙර වාගේ - ඔබ එන්නෑනේ..
හමුවන්නට ආයේ...

ගෙවෙනා දිනයක් පාසා..
ඔබමයි පැතුවේ සැමදා..
යලි නෑ එන්නේ ඔබ මා..
සොයා කිසිදා...

පෙර හැම දිනයේ ඔබ හමුවන්නට
ඉවසුම් නැතිව ලදේ..
මඟ බලමින් සතුටින් සිටි තැන් අද
කදුලින් තෙමෙයි මගේ..
නොබලා යන රුව නොනැසී කටහඬ
මම අද ඉන්නේ කෙසේ..

ගෙවෙනා දිනයක් පාසා..

ඔය මුව තුරුලට ගත්විට මොහොතක
නෙත් දෙස බලා මගේ..
මතු හැම බවයෙම මගේම වනබව
මතකද ඔබ කීදේ..
මහමෙර වාගේ දැනුනා ඒ දේ
මටනම් ඒ මොහොතේ...

ගෙවෙනා දිනයක් පාසා
ඔබමයි පැතුවේ සමදා..
යලි නෑ එන්නේ ඔබ මා
සොයා කිසිදා...

සිත ඔබ ගැන අසනා...
Song title: Sitha Oba Gana Asana The author: Unknown The singer: Samith Sirimanna Submitted by: Site Administrator