SORT LYRICS BY NAME:

Nilmini Denethe - Rookantha Gunathilaka with Chandraleka Perera

නිල් මිණි දෙනෙතේ - රූකාන්ත ගුණතිලක සමග චන්ද්‍රලේකා පෙරේරා

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ..

මේ දිවි ගමන දුරයි
සතුටයි නිරන්තරේ
රන් මුතු වරුසා වැහැලා මිණි දෙහදේ
ලොව කුළු නැගෙන්න අහසේ
තරු පෙලගැහෙන්න රහසේ
මගෙ හිත හඳුණාගෙන ආවා සුහදේ..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ..

විශ්වය මනෝහරයි
අපෙ ආදරෙ හැඟුම්බරයි
ඉර හඳ දේදුණු දිලෙන්නෙ අපට තමයි
සිසිලක් සදන්න දිවියේ
ළංවී හිඳින්න සසරේ
මගෙ දිවි ගමනේ සෙවණැල්ලත් ඔබමයි..

නිල් මිණි දෙනෙතේ..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ..//
Song title: Nilmini Denethe The author: Unknown The singer: Rookantha Gunathilaka With Chandraleka Perera Submitted by: Site Administrator