SORT LYRICS BY NAME:

Diwi Katharata Gangaawai - Rohana Bogoda

දිවි කතරට ගංගාවයි - රෝහණ බෝගොඩ

දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා

මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා
පුර සද සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා
දිවි කතරට ගංගාවයි....

ඊයේ රෑ මා සිහිනෙන් දුටුවේ ඔබයි ගංගා
මා හැරදා අළුයම ඔබ වෙන්න ගියා ගංගා
මේ අයුරින් හැම දිනකම සිත සනහා ගංගා
වෙන්ව නොයා ජීවි‍තේ අරුණ වෙන්න ගංගා

දිවි කතරට ගංගාවයි ....
Song title: Diwi Katharata Gangaawai The author: Unknown The singer: Rohana Bogoda Submitted by: Site Administrator