SORT LYRICS BY NAME:

Chancala Daase Maayaa - Neela Wickramasinghe

චංචල දෑසේ මායා - නීලා වික්‍රමසිංහ

චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා..
ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා..
මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා..
නින්දෙදි සනසාලා - හීන සාදනා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා..
නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා..
පාට සේද සේල ගෙන ආ ඔයා..
නාවදාක හීන පාලු වී ගියා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

සන්සුන් නැති සිත්තම් - මගෙ ඉක්මන් වෙනවා..
ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බස් දොඩනා..
නෑසූ ගීත සීත රෑක ගී කියා..
කෝල දෑස ලෝල වේවි මා පෙළා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

චංචල දෑසේ මායා...
Song title: Chancala Daase Maayaa The author: Himali N. Liyanage The singer: Neela Wickramasinghe Submitted by: Site Administrator