SORT LYRICS BY NAME:

Ahasin Basin - Nanda Malani

අහසින් බසින් - නන්දා මාලනී

අහසින් බසින් සඳ මඬලින් බසින්
මිනිසුන් මැද පුතුනේ මිහි මඬලේ ඉඳින්
කඳුළු සුසුම් විඳ මුවහත් වෙමින්
රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින්

සුපසන් නොවේ ලොව නුඹ මේ උපන්
නුවණින් වැඩී ලොව සුපසන් කරන්
විරුවන් ලෙසින් රුදු රණ බිම් මැදින්
නුඹගේ ගමන් මග ඉදිවේ බලන්

දෙවියන් නොවේ නිති අසලින් ඔබේ
දිරියෙන් ගතේ ඉ‍ටු දෙවියන් මැවේ
ජය පැන් වඩන් දහදිය වැල් වලින්
නුඹගේය ඒ නව ලොව පුංචී පුතුන්
Song title: Ahasin Basin The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator