Denodaahak Nuwan Athare - Nanda Malani
දෙනෝ දාහක් නුවන් අතරේ - නන්දා මාලනී
දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ
තනි කළේ
පාසැල් බිමේ
සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බරවුණු කැකුළු
අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා
දෙනෝ දාහක් නුවන් අතරේ...
Song title: Denodaahak Nuwan Athare
The author: Unknown
The singer: Nanda Malani
Submitted by: Site Administrator