SORT LYRICS BY NAME:

Buddhanu Baawena - Nanda Malani

බුද්ධානුභාවේන - නන්දා මාලනී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී //

තණ්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී...

භෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංසා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාස ධාරා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී...
Song title: Buddhanu Baawena The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator