Araliya Landata - Nanda Malani
අරලිය ලන්දට - නන්දා මාලනී
අරලිය ලන්දට – සඳ පායන කොට
තුරුලිය මල් වට – බඹරු බමන විට
සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
ගී පද ලියැවෙනවා…
රඹවන් හේනේ – කරල් පැසෙන කොට
අඹ මල් ගානේ – ගිරව් හඬන විට
දොඹ තුරු මානේ – සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා – එතකොට
සි ති විලි ඉගිලෙනවා…
අරලිය ලන්දට…//
දඬුවැල් බෑ මී – සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ – තරු පායන විට
හැඬුමට නොහැකිව – දෙඇස වසන මට
ඔබ ගැන සිහිවෙනවා – එතකොට
සි හි නය උපදිනවා….
අරලිය ලන්දට…//
Song title: Araliya Landata
The author: Unknown
The singer: Nanda Malani
Submitted by: Site Administrator