SORT LYRICS BY NAME:

Kadamandiye Dola Anine - Nanda Malani

කඩමණ්ඩියේ දොල අයිනේ - නන්දා මාලනී

කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද රන්වී රොන් ගන්න බැරී
Song title: Kadamandiye Dola Anine The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator