SORT LYRICS BY NAME:

Paaya Aa Sanda - Milton Mallawarachchi

පායා ආ සඳ - මිල්ටන් මල්ලවාරච්චි

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා

හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි

ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්
Song title: Paaya Aa Sanda The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator