SORT LYRICS BY NAME:

Premaye Wil There - Malani Bulathsinhala

ප්‍රේමයේ විල් තෙරේ - මාලනී බුලත්සිංහල

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා

ප්‍රේමයේ විල් තෙරේ...

සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල් තෙරේ...//
Song title: Premaye Wil There The author: Kularathna Ariyawansha The singer: Malani Bulathsinhala Submitted by: Site Administrator