SORT LYRICS BY NAME:

Raa Ahasin - Kasun Kalhara

රෑ අහසින් - කසුන් කල්හාර

රෑ අහසින් වැටෙනා
බින්දු බින්දු පිණි බින්දු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන්
මහ පොළොව
පිණි බින්දු හඬනවා
නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

අනෝරා පිණි යටින්
තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය
පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
Song title: Raa Ahasin The author: Unknown The singer: Kasun Kalhara Submitted by: Site Administrator