SORT LYRICS BY NAME:

Tharuna Neth Jaya Mangale - Jothipala H.R

තරුණ නෙත් ජය මංගලේ - ජෝතිපාල H.R.

හෝ තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙනදෙයි මීවිතේ

දිනිදු බැසයයි තරිඳු නැග එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා

සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතල් විල් ජලය කළඹයි
මෙයද අප පෙම් සාගරේ
Song title: Tharuna Neth Jaya Mangale The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator