SORT LYRICS BY NAME:

Maa Labu Jewithaye - Jothipala H.R

මා ලැබු ජීවිතයේ - ජෝතිපාල H.R.

මා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතුවේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක්‌ නෑ සිතුවේ

පැමිණෙන දුක්‌ පැණි රසයි
ලැබෙන දෙයක්‌ දෙන්නාටයි
රත්තරනේ ඔයා ඉන්න
පොඩි පැල්පත මට සැපයි

දෑත දෙපය ජීවිතේ
සවි ඇතිතුරු මේ සිතේ
කෙනෙක්‌ ලඟට අතපාන්න
යන්න දෙන්නේ නෑ ප්‍රියේ

අවාසනාව දුකයි
මා ලැබුදේ එපමණයි
ඔබ පොඩ්ඩක්‌ හිනාවෙන්න
ඒ මොහොතෙදි මට සැපයි
Song title: Maa Labu Jewithaye The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator