Kurahan Yaaye - Jayarathna T.M
කුරහන් යායේ - ජයරත්න T.M.
කුරහන් යායේ සඳ උදුරාගෙන - සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී - නුබට ඇසේවා සුදු නෑනේ
එදා වගේ සැදෑ අදුර - වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පදුරේ සෙවන සදනවා - කීව කතා යලි සිතට නැගෙනවා
කුරහන් යායේ සඳ උදුරාගෙන - සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී - නුබට ඇසේවා සුදු නෑනේ
මගේ පැලේ හිනැහීගෙන - සිටිනා ලෙස නුබේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා - ඈත සිටින නුබේ නාමෙන් දෑස තෙමෙනවා
කුරහන් යායේ සඳ උදුරාගෙන - සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී - නුබට ඇසේවා සුදු නෑනේ
Song title: Kurahan Yaaye
The author: Unknown
The singer: Jayarathna T.m
Submitted by: Site Administrator