Degoda Thala Ganga Gala - Jayarathna T.M
දෙගොඩ තලා ගඟ ගලා - ජයරත්න T.M.
දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//
මේ ගඟ ගලා ගියේ
අපි පුංචි ළමුන් දවසේ
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
ආදර ඒ ගඟ නෑ අද නෑ
දෙගොඩ තලා ගඟ ගලා...
මේ ඔරු කඳේ නැගී
බොර පාට දියේ තනිවී
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
බාධක මේ ගඟ තාම ගලයි
දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//
මා තනිවම මද අඳුරේ///
Song title: Degoda Thala Ganga Gala
The author: Unknown
The singer: Jayarathna T.m
Submitted by: Site Administrator