SORT LYRICS BY NAME:

Ulkapathayak - Indrachapa Liyanage

උල්කාපාතයක් - ඉන්ද්‍රචාපා ලියනගේ

අළු පාට වළාකුළු කථාවක් වත් නෑ
තරු නිවී තරු නිවී රාත්‍රියේ...
සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං
ගිනි අරන් ගිනි අරන් මොනවත් හොයන්...

උල්කාපාතයක්,අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා,උල්කාපාතයක්...

අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ,
ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා...
පොළවට වැටෙනා දේවතා එළියක්,
ගිනි ගත්ත තරු එළියක්...

උල්කාපාතයක්,අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා,උල්කාපාතයක්......
Song title: Ulkapathayak The author: Chinthana Dharmadasa The singer: Indrachapa Liyanage Submitted by: Janith C Jayasundera