SORT LYRICS BY NAME:

Bindunu Pem Hada - Gunadasa Kapuge

බිදුනු පෙම් හද - ගුණදාස කපුගේ

බිදුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආදා...
අඳුර රජයන හුදකලා හිත
නුඹට පෙම් බැන්දා...

සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආද‍රේ...//
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා...
දැවී ගිණිගත් - පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා...

බිදුනු පෙම් හද...//

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ මංසලේ...//
දිනෙක ඇය මා අමුත්තන්‍ සේ
යලිත් හමු වේවී...
කදුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්...

බිදුනු පෙම් හද...//
Song title: Bindunu Pem Hada The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator