SORT LYRICS BY NAME:

Naabara Goyamata - Gunadasa Kapuge

නාඹර ගොයමට - ගුණදාස කපුගේ

නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා

මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි
කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය මද පවනයි

බලාපොරොත්තුව කිරිවැදිලා හෙට - ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපන දා - හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයි
Song title: Naabara Goyamata The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator