SORT LYRICS BY NAME:

Unmaada Sithuwam - Gunadasa Kapuge

උන්මාද සිතුවම් - ගුණදාස කපුගේ

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මිහිඳුම් වලා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්‌ටැම් ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකාලා සුළඟ පමණී උරුමේ
කඩා හැලෙන සිත සදා සරණ මට
තනිවේවී එක්‌ටැම් ගේ

දහසක්‌ මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවී එක්‌ටැම් ගේ
Song title: Unmaada Sithuwam The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator