SORT LYRICS BY NAME:

Bus Eke Dakke - Funky Dirt with Murshad Huvais

බස් එකේ දැක්කේ - Funky Dirt සමග මුර්ෂාර්ඩ් හුවයිස්

බස් එකේ දැක්කේ - මා හා සිනා පෑවේ..
පුසුඹේ බැරුවා - මා ලඟින් වාඩිවුන්නේ..
ජනේලයෙන් අහක බැලුවේ..
මා දෙස හොරෙන් බැලුවේ..
කොටුවට ටිකට් ගත්තේ - ඒ ලඟම හදත් ගත්තේ..

වංගු ලාල ලාල ලාල ලා...
වංගු ලාල ලාල ලාල ලා...//

හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
ට්‍රැෆික් එකේ වෙනස් වේ..
දැනේවී පෙම් සිසිලේ..
ඈ ළඟ සිටින වේලේ..
හෘදේ සාදයක් සේ..
මං ලෝකේ පාරාදීසේ..
මැවේවි හයිලෙවල් පාරේ..

ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
රූට් එකේ මුණ ගැසෙයි
කියා සිතා හිතා මතා
ඇහෙන වෙලාවටම එන්නේ..
හිටන් යන්නෙ - ඉදන් යන්නෙ
දුරින් ඉන්නෙ - ලඟින් ඉන්නෙ
සාරි අදින - ස්කර්ට්ස් අදින
සුරගනක්ද ඔෆිස් යන්නෙ...

වංගු ලාල ලාල ලාල ලා...
වංගු ලාල ලාල ලාල ලා...//

කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
බස් එකේ සුන්දරියේ සඳ වතියේ
මගෙ හෝල්ට් එකට පෑයුවේ...

බස් එකේ දැක්කේ...//
Song title: Bus Eke Dakke The author: Unknown The singer: Funky Dirt With Murshad Huvais Submitted by: Site Administrator