SORT LYRICS BY NAME:

Tharu Paata - Dushan Jayathilaka

තරු පාට - දුෂාන් ජයතිලක

තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන
මම නොදන්නවා නොවෙයි දන්නවා
මම නොදන්නවා වගේ ඉනන්වා

මල් පාර දිගට ඉහිරුන
රොන් සුවඳ හෙලා හිත මත
මනමාල කතාවන් කියනවා
හිත රිදුනත් නොරිදුනත් හැඬේනවා

හිත නොහුලන හැම කඳුලම
පිසලන ඔය රළු අත්වල
දැවටි දැවටී ඉන්නද මං හීන කියනා පාරේ
රත්තරෙන් ඇවිද යමූ දුරදිග සංසාරේ

මට නොකියන හැම රහසම
ලියවෙන ඔය තරු ඇස්වල
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ

තරු පාට නිලට දිලිසෙන.............................
Song title: Tharu Paata The author: Unknown The singer: Dushan Jayathilaka Submitted by: Site Administrator