SORT LYRICS BY NAME:

Ahasai Oba Mata - Deepika Priyadarshani

අහසයි ඔබ මට - දීපිකා ප්‍රියදර්ශනී

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑකල පතිත වෙමි..

ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා..

අහසයි ඔබ මට..//

‍අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි..

අහසයි ඔබ මට..//
Song title: Ahasai Oba Mata The author: Unknown The singer: Deepika Priyadarshani Submitted by: Site Administrator