Sandaa Ahasee - Dayarathna Ranathunga
සැන්දෑ අහසේ - දයාරත්න රණතුංග
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා..//
සැන්දෑ අහසේ...
ඈත අතීතෙන් පියවර නඟමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා..
බලාපොරොත්තුව ලයට තුරුල් වී
ඈ එන පෙර මඟ බලා සිටිනවා..
සැන්දෑ අහසේ...
දුකට මිහිර දෙන පාලුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා..
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා..
සැන්දෑ අහසේ...
Song title: Sandaa Ahasee
The author: Sunil Sarath Perera
The singer: Dayarathna Ranathunga
Submitted by: Site Administrator