SORT LYRICS BY NAME:

Raa Thaarakawo - Clarence Wijewardena

රෑ තාරකාවෝ - ක්ලැරන්ස් විජේවර්ධන

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා //

කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ

රෑ තාරකාවෝ බැලුවා එබී...

හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
හදවත කොනේ මා කඳුලක් තියෙනවා
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ

රෑ තාරකාවෝ බැලුවා එබී...
Song title: Raa Thaarakawo The author: Unknown The singer: Clarence Wijewardena Submitted by: Site Administrator