SORT LYRICS BY NAME:

Sanakeliye Sanda Eliye - Clarence Wijewardena

සැණකෙළියේ සඳ එළියේ - ක්ලැරන්ස් විජේවර්ධන

සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
ඔමරි හිනාවයි ඔමරි හිනාවයි
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි

නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ
හිරිමල් යොවුන් විලාසේ
දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ
සමනළ ගමන් ලතාවේ

සැණකෙළියේ සඳ එළියේ...

මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ
කාගෙද කවුදෝ දන්නේ
ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ
අද රෑ විනෝද වන්නේ

සැණකෙළියේ සඳ එළියේ...

නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ...

සැණකෙළියේ සඳ එළියේ...
Song title: Sanakeliye Sanda Eliye The author: Unknown The singer: Clarence Wijewardena Submitted by: Site Administrator