SORT LYRICS BY NAME:

Wana Siwpaawun - Chandraleka Perera

වන සිව්පාවුන් - චන්ද්‍රලේකා පෙරේරා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන් //

වල් මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...

කඳුලු සලන්නන් කඳුලින් ගොඩ ගෙන
මුවගේ හසරැල් රඳවා
තුටු කඳුලින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...


Song title: Wana Siwpaawun The author: Unknown The singer: Chandraleka Perera Submitted by: Site Administrator