SORT LYRICS BY NAME:

Thanuwa Ahimi - Chamara Weerasinghe

තනුව අහිමි - චාමර වීරසිංහ

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු හිතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා
වියළි දෙතොල් පට උණු කඳුළකින් නෙතු තෙමා
තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා
කියමි නෙතු සලා...කියමි නෙතු සලා
කියමි නෙතු සලා...
පුරුදු සුවඳ ආවත් මා යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ
හිත අඳුර අරන් ආවත් දුක හිතෙන ගීතයේ
කොපුල් තලා මත සුවඳයි දුන්නු හාදුවේ
දුන්නු හාදුවේ...දුන්නු හාදුවේ
දුන්නු හාදුවේ...
Song title: Thanuwa Ahimi The author: Unknown The singer: Chamara Weerasinghe Submitted by: Site Administrator